Posts

Showing posts from May, 2020

අනාගත පොත

Image
    අපි ඉන්න මේ වකවානුව මං දකින්නෙ වෙනස්වීමක් විදියට, ඒ මොකද කියනවනම් නෙළුම් කොලේට වැටුන පිනි බිංදුවත් මාකට් වෙනවා. ඒ කියන්නෙ විකිනෙන විකුනන සමාජයක්. ආර්ථික විද්‍යාවදි මේ සංසිද්දිය හරි අපුරුවට විස්තර වෙනවා. කොහොම වුනත් අපි අනාගතය වෙනුවෙන් තාක්ෂණය වැළඳගන්නවා.     📚      නමුත් අපේ තුල රසය කියන දේ උපද්දවන්න තාක්ෂණයට පුලවන් ද කියන ප්‍රශ්ණය අනිවාරෙන්ම තියෙන්න ඕනි. ගවුගානක් ඈත ඉන්න යාළුමිත්‍රයො නෑදැ උදවිය ඇගිලි තුඩට එකතු කරාට පරිසරය  ස්වභාවදහම අපි, අපි විසින්ම ඈත් කරලා..     📚     මහගමසේකර, මාටින් වික්‍රමසිංම, කුමාරතුංග මුනිදාස  වැනි ශ්‍රේෂ්ඨ ලේකකයන් විසින් රචිත බොහො පොත් පත් තුල ගැබ් වුටන් ස්වභාවදහ වගේම ජීවන සමාජය. කෙසේනමුත් වර්තමාන පරපුර සිය රසාස්වාදයට පොත් පත් ගැනිම තරමක් දුරට ඈත් කර ඇත...පොත් දුවිලි බැද රාක්ක තුලම ඇත. හිස් වි අත්තෙ හෙට දවසේ හිත්ය.     📚     මතුයම් දිනක පොත් නැති සමාජයක පොතද පුවතක් වනු ඇත.          ඒ හදවත් නොමැති නොමිනිසුන් අතරය. ✍️ පැතුම් අබේකෝන්    ...