මතකයන්
ආදරයට නුඹ දුන්
නිර්වචනය දැන් අමතක වී
නුඹ ඔහු ලග හිද
පවසනවද නව ආල බස්
ඔහුටත් ඔබ දුන්නෙහිද
නිර්වචනයයක්
ආදරය නමින්....
මට දුන් පදද
ඔහුත් ඇසුවෙ ඔබේ හඩින්...
නුඹ මට මතකයක්..
සිහිනයක සේ රිදුම්දෙන
මතකයට නැගුවද..
මෙනෙහි නොවන...
සුදු මැණික යලි නොඑනු
මේ සිතට
ආවත් නැත ඉඩක්
නුඹට මතුවට
මා හදදත් එළිවුනා
අදුරට මුවා වූ...
හෙට දිනන තුරු
මා ම නැගිටිමි
මගේ සවියෙන් සිතෙහි ඇති...
නුඹ ගියේ මා අතැර
මුදල් නැති පාපකයා මම
ආදරය දැයි සෙව්වෙ නුඹ
නොවිසිදුනු ගැටළුවක් මට
හද රදුම් දුන්නත්..
එයම වේ මා ලැබු දෙය
මගේ නෙතු කඳුළු සේ
නුඹත් ගිලිහුනා හදෙන්
මතු දිනෙක මම
දිනමි ලොව
ඇවිද මා ඇමතුවත් නුඹ
මතකදැයි මා කියා..
මතකයේ ඇති නමුදු
මතක නැ කියමි මම
පලක් නැ නුඹෙන් මට
නුඹ ගියා දුර ගෙවා
මගෙන් ලද පහස ම සොයා...
°පැතුම් අබේකෝන්°
Comments
Post a Comment